Spread the love

නිමල් රාජපක්ෂ-


අග්බෝ ඇතා නිරුපද්ධිතව නාච්චිදුව රක්ෂිතයෙන් සොයා ගත් බව පරිසර අමාත්‍යංශය පවසයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස, “අග්බෝ” ඇතා නාච්චාදූව වැව් රක්ෂිතයේදී සිටියදී අද දහවල් සොයා ගැනීමට සමත්වී ඇත.


වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ එම ප්‍රදේශය භාර අඩවි සහකාර (Range Officer) බුද්ධික මහතා විසින් තහවුරු කර ඇති පරිදි, සොයා ගන්නා අවස්ථාව වන විටත් අග්බෝ ඇතා ඉතා නිරෝගී සුවයෙන් සහ යහපත් ශාරීරික තත්ත්වයෙන් පසු වී ඇත.


ඒ අනුව, අග්බෝ ඇතා මේ වන විට නාච්චාදූව වැව් රක්ෂිත පරිශ්‍රයේ කිසිදු උවදුරකින් තොරව, පූර්ණ සුරක්ෂිතභාවයෙන් සහ නිරෝගීව සැරිසරන බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සහතික කරයි