Spread the love

නිමල් රාජපක්ෂ-

දුම්රිය නියාමක වරුන්ගේ පවතින ගැටළු වලට නිසි විසදුමක් බලධාරීන් ලබා නොදීම හේතුවෙන් අද (18)මධ්‍යවම රාත්‍රී 12 සිට පැය 48 ක් අතිකාල සේවා කීරීමෙන් ඉවත්වන බව දුමරිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් තේ. ඩී.ඩී ප්‍රසාද් මහතා පවසයි.
ඒ අනුව දිනකට නියම කරන එක් සේවාවක් පමණක් සිදු කරන බවත් ඉදිරියේදී තම ඉල්ලීම් වලට විසදුම් නොදුන හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට සිදු වන බවත් පැවසුවේය.
නියාමක වරන්නට පවත්නා ගැටලු වලට නිසි විසදුම් නොදීම , උසස්වීම් ප්‍රමාද කිරීම, නියාමකවරුන්ට අදාල පුහුණව ලබා නොදීම ,පවත්නා ගැටලු වලට බලධාරින් කටයුතුු නොකිරිම නිසා නිලධාරීන් තුළ දැඩි නොසන්සුන් තාවයක් හටගෙන ඇතැයිද පැවසුවේය.
මෙන්ද බදවා ගැනීම් වලට කටයුතු කලත් එය අසාර්ථක වි තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් අරගෙන නැහැ. බදවා ගැනීමට යම්කිසි ප්‍රමානයක් හිටියත් ඒ අයට පත්වීම් ලබා දීමට කටයුතු කර නැහැ. විභාග පවත්වන ඒවාට විරෝධතාවය දැක්වුවා . මන්ද දුම්රිය රියදුරන්ට වාණිජ නීති රෙගුලාසි විෂය ඇතුළත්කර දෙපාර්තුමේන්තු පරික්ෂණ පවත්වන්න මේ වනවිට කටයුතු කර තිබෙනවා. එය ඇත්තටම එය දුම්රිය රියදුරන්ට අදාල විෂයයක් නොවෙයි. දුමරිය වාණිජ නීති සංග්‍රහයේ කිසි තැනක දුම්රිය රියදුරන්ට අදාල විෂයක් කියල කිසි තැනක සදහන් වෙන්නේ නැහැ. නියාමකවරුන්ට අදාල විෂයක් . එහෙම අදාල නැති විෂයයක් දුම්රිය රියදුරන්ගේ බදවා ගැනීමේ පටිපාටියට ඇතුළත් කරලා තිබෙනවා.් එයට දුම්රිය නියාමකවරු තදින්ම විරුද්දයි මේයට දුම්රිය ස්ථානාධිපතිවරුත් විරෝධතාවය ප්‍රකාශ කරලා තිබෙනවා. එයට විරුද්ධව දුමරිය නියාමකවරු විරෝදතා දැක්වීමක් ලෙස නියමිත රාජකාරී වලට අමතර සේවයේ යෙදීමෙන් බලකින බව ද කේ.ඩී.ඩී ප්‍රසාද් මහතා වැඩි දුරටත් පැවසුවේය.