Spread the love

අද වෙද්දි අධ්‍යාපන ක්‍රමයේ පවතින බරපතළ ගැටලු ගණනාවක් තියනවා. ඒවට නිශ්චිත විසඳුමක් මේ නව ප්‍රතිසංස්කරණ ඇතුළේ දකින්න නෑ. කොළඹ පාසලක් සහ ග්‍රාමීය කඳුකරේ පාසලක් ගත්තම තියෙන්නේ අහසට පොළොව වගේ විෂමතාවයක්. පහසුකම් අතින් මානව සහ භෞතික සම්පත් අතින් පවතින මේ විෂමතාව නැති කරන්න අවශ්‍ය ප්‍රතිපත්තියකුයි ආණ්ඩුව සකස් කරන්න ඕන. නැතුව හිතුමනාපෙට පාසල් වහන්න ආණ්ඩුවට අයිතියක් නෑ.

ආණ්ඩුව තවමත් රටට හෙළි නොකළ මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මුළුමනින්ම ගැටලු සහගතයි. සමහර වෙලාවට ආණ්ඩුව කියනව තාම අවසන් වැඩපිළිවෙළක් නෑ ඒ නිසා සාකාච්ඡා කරමු කියලා. නමුත් අපිට තියෙන තොරතුරු අනුව මේ නව වෙනස්කම් එක්ක 2026 වසර සඳහා අද වෙද්දි පොත්පත් පවා මුද්‍රණය කරලා අවසන්. අනිත් එක තමයි ආණ්ඩුව ජනතාවගෙන් හංගන මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හදලා තියෙන්නෙ ව්‍යාපාරිකයෝ සහ ලෝක බැංකු නියෝජිතයෝ.