නිමල් රාජපක්ෂ.
ආරක්ෂිත ආසන බඳ පටි පැළඳීම මගින් සුරක්ෂිත රිය ධාවනයටත් මගී හා දේපළ ආරක්ෂාවටත් මහත් පිටුවහලක් ලැබෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පවසයි.
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම අද දින සිට ක්රියාත්ම කිරීම පිළිබඳ රියැදුරන් සහ මගී ජනතාව දැනුම්වත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේ පැවති අත් පත්රිකා බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් සභාපතිවරයා මේ අදහස් දැක්වීය.
ආසන බඳ පටි පැළඳීමේ කාර්යයේ දී 2025 ජූලි 01 වන දින සිට සියලුම මාර්ගවල ගමන් ගන්නා සියලු බස් රථ රියැදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරිණ. මෙම ජාතික වැඩසටහනේ තෙවන පියවර ලෙස එළැඹෙන සැප්තැම්බර් 01 වන දින සිට අධීවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහනවල සිටින සෑම මගියෙකුම ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කර ඇත.
