නිමල් රාජපක්ෂ
මිරිස්වත්ත, කනහේන්තොට ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය බීඩි නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ පහළොවක් වටිනා බීඩි හා තෙන්ඩුකොල තොගයක් සමගින් එක් සැකකරුවකු දකුණු පලාත් සුරාබදු විශේස මෙහෙයුම් ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් බීඩි නිෂ්පාදනාගාරයේ තිබී බීඩි 160840 ක් , තෙන්ඩුකොල කිලෝ 96 ක් ., දුම්කොල කිලෝ 435 ක්,සොයා ගත් බව දකුණු පලාත් සුරාබදු සහකාර කොමසාරිස් කේ.ඩී.එස් චන්ද්‍රකුමාර මහතා පවසයි.
මෙහිදී නීති විරෝධී ලෙස බීඩි කොල රැගෙන එම නිසා රුපියල් 3210680 ක් අහිමිවී ඇතැයිද අනාවරණය වෙයි. අදාල සැකකරු සමගින් බීඩි හා තෙන්ඩුකොළ තොගය සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිප පත් කිරීමෙන් පසු වරද පිලිගත් සැකකරුට රුපියල් ලක්ෂ නවයක සමථ ගාස්තුව්‍ක් ගෙවන ලෙස නියම කළහ.
දකුණු පලාත් සුරාබදු සහකාර කොමසාරිස් කේ.ඩී.එස් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරි වසන්ත සමරසිංහ මහතාගේ අධික්ෂණය යටතේ ,දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධීපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක එස්.කේ වෙත්තසිංහ මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු පරීක්ෂක බුද්ධික චමින්ද, සුරාබදු කෝප්‍රල් 1183 කේ.ආර් මධුෂාන්, සුරාබදු නියාමක රියදුරු බී.එල්.ජේ නිරෝෂන් යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.
