.
නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ ආබාධ සහිත දරුවන් සඳහා වෙන් වු ප්‍රථම ජාතික මධ්‍යස්ථානය ලෙස හදුන්වන රාගම “අයති” ජාතික මධ්‍යස්ථානය (Ayati National Centre for Children with Disabilities) පසුගියදා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙම මධ්‍යස්ථානය මගින් විශේෂ අවශතා සහිත සහ විශේෂ අවශ්‍යතා සඳහා අවධානම් තත්ත්වයේ සිටින සහ ආබාධිත සහිත දරුවන්ගේ අවශ්‍යතාවය අනුව විවිධ අංශ යටතේ ප්‍රතිකාර සහ මඟපෙන්වීම් ලබාදෙනු ලබාදෙනු ලබයි.
චිකිත්සක සේවා, විශේෂිත ඒකක, දුරස්ථ වෛද්‍ය සේවාව (Tele-health) යන අංශ ඔස්සේ කථන හා භාෂා චිකිත්සාව (Speech & Language Therapy), භෞත චිකිත්සාව (Physiotherapy) සහ වෘත්තීය චිකිත්සාව (Occupational Therapy), නවීනතම ශ්‍රවණ ප්‍රතිකාර (Audiology) ඒකකය සහ පවුල් චිකිත්සාවන්, මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවන් ඇතුළු සේවා රැසක් බහුකාර්ය විශේෂයින්, වෛද්‍යවරු සහ චිකිත්සකයින් සිදු කරනු ලැබේ.
ඉහත සත්කාරක සේවා සිදුකෙරෙන ආකාරය සහ පරිශ්‍රය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිරික්ෂණයට ලක් කරන ලද අතර, එම මධ්‍යස්ථානයේ ප්‍රධාන අවශ්‍යතාවයන්, ඉදිරි සැළසුම් සහ ඉදිරි සේවා බලගැන්විම් පිළිබඳව ද කරුණූ විමසා බලන ලදි. මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා AYATI මධ්‍යස්ථානය තුළින් ආබාධ සහිත දරුවන්ට ලබාදෙන ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමත් කිරිම සඳහා අනුගමනය කළ යුතු ඉදිරි පියවරයන් පිළිබඳව එම මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය සමග කරුණු සාකච්ඡා කළ අතර, මධ්‍යස්ථානයේ මානව සම්පත ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයක් යොමු විය.
දැනට මෙම මධ්‍යස්ථානයේ සේවා ලබාගැනීම සඳහා දරුවන් 16,000 ක් ලියාපදිංචි කර තිබෙන බවත්, දිනකට දරුවන් 100 ක් 60 ක් අතර ප්‍රමාණයක් සේවා ලබාගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බව ද මෙහිදි අයති (AYATI) මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානත්වයක් දරන ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන්මලී සුමනසේන මහත්මිය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පෙන්වා දෙන ලදි.
රාගම පිහිටි කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පරිශ්‍රය තුළ AYATI මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර, අක්කර දෙකක භූමි ප්‍රමාණයක පිහිටා ඇත.
මෙම මධ්‍යස්ථානයේ සේවාවන් කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධීක්ෂණය යටතේත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා දායකයින්, අමුද්‍රව්‍ය සහ ඖෂධ ලබාදීම තුළ සහ අධ්‍යාපන හා සමාජ සේවා අමාත්‍යාංශවල සහයෝගීතාවයෙන් සිදු කරනු ලබයි.
