Spread the love

නිමල් රාජපක්ෂ

එළඹෙන සිංහල හා හින්දු අවුරුද්ද වෙනුවෙන් සියලුම සුරාසැල් මේ මස 13 සහ 14 යන දෙදින වසා තබන බව සුරාබදුකොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා පවසයි.
රජයේ අනුමැතිය ඇතිව සිංහල අවුුරුදු සමයේ සුරාසැල් , රටබීම හල් , හොටල් ආපශාලා හා කැරෝකි ආපන ශාලා හිමියන් මත්පැන් අලෙවි කිරීම සදහා බලපත්‍ර ලබාගත් ස්ථාන සියල්ල අදාල දෙදින වසා තැබිය යුතුවෙයි .

නමුත් කිිසියම් බලපත්‍ර ලාභීයකු සුරාබදු නිතිය කඩ කරමින් අදාල දෙදින මත්පැන් අලෙවි කර හසුවුව හොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පේමරත්න මහතා පැවසුවේය.
අදාල කාලසීමාව තුළ නිති විරෝධී ම්ත්පැන් නිෂ්පාදනාගාර, අලෙවි කරන ස්ථාන තිබුණ හොත් තරා තිරම නොබලා වැටලීම් සිදු කරන අතර කිසියම් මත් ජාවාරමක් සිදු වන බවට ඹබ දැනගත හොත් වහාම 1913 දුරකථන අංකයට දැණුම දෙන්න . ඹබයේ රහස්‍ය භාවය රකින බවත් ඒ මොහොතේම අදාල තොරතුරට අනුව මත් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගැනීමට කටයුතු කරන බවද පැවසුවේය.
සිංහල හා හින්දු අවුරුදු සමයේ නිති විරෝධී මත් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගැනීම සදහා ගාල්ල අනුරාධපුර, නුවර‍්,කුරුණෑගල හා දිීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක වල සිටින සුරාබදු නිලධාරීන් සීරුවෙන් සිටින බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.