නිමල් රාජපක්ෂ-
එළඹෙන සිංහල හා හින්දු අවුරුදු සමයේ ජාඇල, කොළඹ ඇතුලු තබා සන්න ප්‍රදේශවලට බෙදා හැරීම සදහා ජාඇල ඹතේ කැලේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරමින් තිබු මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ ගනණක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 3 කු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ඊයේ (03)අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 200000, ගෝඩා ලීටර් 800 ක්, දඟර 6, බැරල් 50 ඇතුලු පෙරණ උපකරණ තොගයක් සොයා ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතා පවසයි.

සුරාබදු නිලධාරීන් ඊයේ (3) රාත්‍රිය පුරා සිදුකල සෝදිසි මෙහෙයුමකදි ඹතේ කැලේ වගුරු බිමක මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරය වටලා එහි තිබු කිසිප්පු ගෝඩා ඇතුලු බැරල් සියල්ල මඩ මගුරේ දැඩි දුෂ්කරතා මැද්දේ ගොඩ බිමට රැගෙන ඒමට පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස රාජපක්ෂ හා කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී පී.එන්. හේමන්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිල් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු මහ සැරයන් අනුර මහතා වෙත ලද ඔත්තුවක ට අනුව සුරාබදු පරීක්ෂක සරත් ජයවීර, සුරාබදු නියාමක දුලාන්, සහ සුරාබදු රියදුරු දුමින්ද යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
