Spread the love

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සදහා ජූනි මස 2 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින හා සාමාන්‍ය සේවාවන් යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ටෝකන් පත් නිකුත් කිරීම පෙ.ව 6.30 සිට ප.ව 2 දක්වා සිදුකරනු ලැබේ.

එදිනට එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කර ගනු ලැබූ එදිනට නියමිත අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ට ද ඉහත කාලසීමාව තුළ තම අයදුම්පත් එක්දින සේවාව යටතේ භාරදිය හැකිය.

මේ අතර එම කාලය තුළ ගමන් බලපත් ලබාගැනීම සඳහා පැමිණෙන සියලූම අයදුම්කරුවන් සඳහා ටෝකන් පත් නිකුත් කරනු ලබන හෙයින් පෙර දින රාත්‍රියේ සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පෝලිම්වල සිටීම අවශ්‍ය නොවන බවත්, අදාළ දිනයේ පෙ.ව 6න් පසුව පැමිණ බාධාවකින් තොරව ඔබගේ අවශ්‍යතා ඉටුකර ගත හැකි වෙයි.

එමෙන්ම ගමන් බලපත්‍ර අයදුම්පත භාරදීම ඉක්මන් කිරීම සඳහා හෝ ඉක්මනින් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කිසිදු තැරුව්කරුවෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ හෝ පිටත දී මුදල් ලබාදීමෙන් වළකින ලෙසත් විදේශ ගමන් බලපත්‍රය සඳහා අදාළ ගාස්තුව සරප් කවුන්ටරය වෙත පමණක් ගෙවා ගමන් බලපත්‍රය නිකුත් කරන කවුළුවෙන් පමණක් ගමන් බලපත්‍රය ලබාගැනීමට කටයුතු වෙයි.