Spread the love

දේශීය වෙළෙඳපොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම, පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදුවී ඇති හානිය සැලකිල්ලට ගනිමින්, සහල් ආනයනය සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලය සලකා බලා තිබේ.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමකින් තොරව, දෙසැම්බර් 20 දක්වා මෙරටට සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවයි සඳහන්