Spread the love

දෙවින්ද පිණිදිය

ආබාධිතභාවය පිළිබද ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනය කෙටුම්පත් කිරීම සදහා රාජ්‍ය අංශය වෙනුවෙන් අමාත්‍යංශ මට්ටමේ අදහස් විමසීමට ඊයේ (05) වෝටර්ස් එජ් හෝටලයේදී වැඩමුළුවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වීය.

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය කෙටුම්පත් කිරීම සදහා දීපව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් අබාධිත ප්‍රජාව සම්බන්ධ ආයතන හා ආබාධිත ප්‍රජාවගෙන් තොරතුරු විමසීම සිදුකර ඇත.
සියළු පාර්ශව වලින් අදහස් හා තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව එම තොරතුරු ජාතික මට්ටමේ කමිටුවට ඉදිරිපත් කර අවසන් කෙටුම්පත සකස් කිරීමට නියමිතය.

වැඩමුළුව සදහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පරිපාලන) රාධා නානායක්කාර, ආබාධිත මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ජයමාලී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් නාලිකා පියසේන ඇතුළු අමාත්‍යංශ නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සංවිධානයේ නිලධාරීන් සහභාගිවිය.