රට ගොඩ ගැනීම සඳහා යථාර්ථවාදී වැඩපිළිවෙලක් ඇත්තේ ජා සමගි ජන බලවේගයට පමණක් බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
ජාතික ජන බලවේගයට චෝදනාවක් එල්ල කරමින් ඔහු සඳහන් කළේ ඔවුනට වැඩපිළිවෙළක් තිබුණේ නම් තමන් දිගින් දිගටම ආරාධනා කරන ආර්ථික කමිටු විවාදයට සහභාගි නොවී නොසිටිනු ඇති බවයි.
වෙන කිසිම කෙනෙක්ට වැඩ පිළිවෙලක් නැති බව ඔවුන් විවාදයකට සහභාගී නොවීමෙන් වැඩපිලිවෙලක් නැති බව ඔවුන් පිළිගෙන ඇතැයිද හෙතෙම පැවසීය.
සමගි ජන බලවේගය විසින් කොළඹ දී පවත්වන ලද මැයි රැළිය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
