Spread the love

දැනට මාතර නගරයේ පවතින ජල ප්‍රශ්නය පිළිබඳව මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වු අතර එයට තාවකාලික විසඳුමක් ලෙස ලවණ බාධකයේ අතුරු ඇල වැලි කොට්ට දමා ගොඩකිරීමට තීරණයකට එළඹිණි.

ඒ අනුව ක්‍රියාත්මක වු ජාතික ජල සම්පාදන මණ්ඩලය, ආපදා කළමනාකරන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුධ හමුදාව එක්වී අතුරු ඇල වැලිකොට්ට දමා තාවකාලිකව වසා දැමීම මේවන විටත් ආරම්භ කර ඇත.

නිල්වලා ගඟේ ජල මට්ටම අඩුවීම හේතුවෙන් කරදිය ගඟට මුසුවීම නිසා පිලදුව පිහිටි ලවණ බාධකය ආසන්නයේ ඇති අතුරු ඇලමාර්ගය මෙලෙස වසා දැමීමට තීරණය විය.

මේ වන විටත් නළ ජලය ලබා ගන්නා ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීමට බවුසර් මගින් ජලය සැපයිමට පියවර ගෙන ඇත.

මෙම කටයුත්ත නිරික්ෂණ කටයුතු සඳහා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාද සම්බන්ධ විය.