.නිමල් රාජපක්ෂ-
දෙස් විදේස් සංචාරකින් වෙනුවෙන්ම ධාවනයට එක්කල ඇල්ල ඹසිඩි දුම්රියේ මංගල ගමන අද පෙරවරුවේ ධාවනයට එක් කෙරිණ.
මෙම දුම්රිය උඩරට මාර්ගයේ විදේශීය සංචාරක ආකර්ෂණය අධිකම කොටස වන මහනුවර සිට ඇල්ල දක්වා වන කොටසේ සිරි නැරඹීම වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව හදුන්වා දීම විශේෂත්වයකි. නව විශේෂ දුම්රිය අද උදසන 09.45 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් සිය මංගල ගමන ආරම්භ කරන ලදී.

එම දුම්රිය සති අන්තයකම සෙනසුරාදා හා ඉරිදා දින වල ගමනාගමනයට යොදා ඇති අතර එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.45 පිටත්ව පස්වරු 05.22 ට දෙමෝදර දුම්රිය ස්ථානය වෙත ලගාවීමට නියමිතය. එමෙන්ම එම දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු පස්වරු 06.00 නැවත මහනුවර බලා පිටත් වීමට නියමිතය.
මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන්කල ආසන 176 ක් ද,දෙවන පංත්යේ වෙන්කල ආසන 176 ක් ද, තෙවන පංතියේ වෙන්කල ආසන 44 ලෙස ආසන 396 ඇත.පලමු, දෙවන , තෙවන පංතිවල ගාස්තු පිළිවෙළින් රැ 7000/=, 6000/= 5000/= ලෙස පවතී.

පේරාදෙණිය , නාවලපිටිය, හැටන් ,ග්‍රේට්වෙස්ටර්න් ,නානුඔය , පට්ටිපොළ ඔහිය , ඉදල්ගස්සින්න , හපුතලේ ,බණ්ඩාරවෙල ,ඇල්ල යන දුම්රිය ස්ථානවල පමණක් සහ ආරැක්කු නවය පාලමේ මිනිත්තු 10 පමණ නවත්වා ධාවනය කරනු ඇත.
ඊට අමතරව තෝරාගත් නැරඹුම් ස්ථානවල දුම්රිය සෙමින් ධාවනයේ යෙදෙයි.
