Spread the love

ඇහැළියගොඩ නගරයේදී අද (15) රාත්‍රියේ මෝටර් රථයක් පාලනයෙන් තොරව ධාවනය කර වාහන හයක ගැටි සිද ුවු අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් රියදුරාට වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ගමන් කළ, යතුරුපැදියක, ත්‍රීරෝද රථ 3ක සහ තවත් මෝටර් රථ 2ක ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූවන් වහාම ප්‍රතිකාර සඳහා ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.