Spread the love

ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක ඊයේ (06) හටගත් ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් ඇතයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර බහුතරයක් සමාජ ශාලාවේ කාර්ය මණ්ඩලය බවත් කිහිප දෙනෙකු එම සමාජ ශාලාවට පැමිණි සංචාරකයින් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගින්න හටගත් අවස්ථාවේ දී එහි විශාල පිරිසක් සිටි බව සඳහන් වේ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය බලධාරීන් ඊයේ රාත්‍රිය පුරාම කටයුතු කර ඇත.

ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ කුඩා ප්‍රාන්තයක් වන ගෝවා, සෑම වසරකම මිලියන ගණනක් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.