නිමල් රාජපක්ෂ
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, ඊයේ( 31)න දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙම සංචාරයේදී, නෞකාවේ අණදෙන නිලධාරී සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අතර නිල හමුවක් නෞකාව මතදී සිදුකෙරුණු අතර, නෞකාවේ පැවති සාම්ප්‍රදායික වාරිත්‍රානුකූල උත්සව අවස්ථාවක් සඳහාද නාවික හමුදාධිපති, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනිය සමඟ සහභාගී විය.
එමෙන්ම, නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟද නිල හමුවීම් සිදු කෙරුණි,.
මෙහිදී දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ එහිදී අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.
තවද, ‘KRI BRAWIJAYA-320’ යුද නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහාද සහභාගී වූහ.
