නිමල් රාජපක්ෂ
දිට්වා ආපදාවෙන් හානියට පත් වු උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් හෙට (19) සිට දුම්රිය ධාවනය මහව දුම්රිය ස්ථානයට සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
නමුත් ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රිය , පුලතිසි නගරාන්තර දුම්රිය , උදයදේවී දුම්රිය සුපුරුදු පරිද ධාවනය කෙරේ. අනුරාධපුර ,යාපනනය ,කන්කසන්තුරේ බලා ධාවනය වන දුම්රියයන් පමණක් මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙන බවද දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.
කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රියද ඇතුළුව දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීම සහ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ සඳහා උතුරු මාරගයේ දුම්රිය ධාවනය අනුරාධපුර – කන්කසන්තුරය අතර කොට්ඨාශයට සීමා කිරීම.
[1] 2026/01/20 වන දින සිට ත්‍රිකුණාමලය දක්වා රාත්‍රී තැපැල් දුම්රිය අපදා තත්වයෙන් පසු ධාවනය පහත පරිදි සැලසුම් කර ඇත.
අංක 7083 දුම්රිය /දිනපතා අංක 7084 දුම්රිය /දිනපතා
කොළඹ කොටුව පිටත්වීම – ප.ව. 09.30 ත්‍රිකුණාමලය පිටත්වීම – ප.ව. 07.30
ත්‍රිකුණාමලය ලඟාවීම – පෙ.ව. 05.19 කොළඹ කොටුව ලඟාවීම – පෙ.ව. 04.32
[2]- 2026/01/20 වන දින සිට මඩකලපුව දක්වා පුලතිසි නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය දිනපතා ධාවනයට එක්කිරීමට සහ උදය දේවී දුම්රිය ධාවනය අපදා තත්වයෙන් පසු නැවත ධාවනය ආරම්භ කිරීමට පහත පරිදි සැලසුම් කර ඇත.
අංක 6075 දුම්රිය/දිනපතා (පුලතිසි) අංක 6076 දුම්රිය/දිනපතා (පුලතිසි) (2026/01/21 දින සිට )
කොළඹ කොටුව පිටත්වීම – ප.ව. 03.15 මඩකලපුව පිටත්වීම – පෙ.ව. 01.30
මඩකලපුව ලඟාවීම – ප.ව. 11.23 කොළඹ කොටුව ලඟාවීම – පෙ.ව. 09.28
අංක 6011 දුම්රිය/දිනපතා (උදයදේවී) අංක 6012දුම්රිය/දිනපතා (උදයදේවී)
කොළඹ කොටුව පිටත්වීම – පෙ.ව. 06.00 මඩකලපුව පිටත්වීම – පෙ.ව. 06.10
මඩකලපුව ලඟාවීම – ප.ව. 03.36 කොළඹ කොටුව ලඟාවීම – ප.ව. 03.47
[3]- “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ඉන්දියානු රජයේ ප්‍රදානයක් යටතේ ප්‍රතිසංස්කරණය කිරීම පිණිස 2026/01/19 දින සිට නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට මහව දක්වා පමණක් සීමා කෙරේ. 2026/01/19 දින සිට 2026/01/26 දින දක්වා කාලය තුලදී පමණක් අනුරාධපුර – කන්කසන්තුරය අතර කොට්ඨාශයේ දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇත. ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව දුම්රිය ධාවනය සිදු කරන ආකාරය පිලිබදව ඉදිරියේදී මාධ්‍ය මගින් දැනුම් දීමට කටයුතු කරනු ලැබේ.
අංක 4077 දුම්රිය/දිනපතා (යාල්දේවී) අංක 4078 දුම්රිය/දිනපතා (යාල්දේවී)
අනුරාධපුරය පිටත්වීම – පෙ.ව. 06.00 කන්කසන්තුරය පිටත්වීම – ප.ව. 02.30
කන්කසන්තුරය ලඟාවීම – පෙ.ව. 09.29 අනුරාධපුරය ලඟාවීම – ප.ව. 06.01
අංක 4443 දුම්රිය/දිනපතා (යාල්රාණි) අංක 4880 දුම්රිය/දිනපතා (යාල්රාණි)
අනුරාධපුරය පිටත්වීම – ප.ව. 02.30 කන්කසන්තුරය පිටත්වීම – පෙ.ව. 06.00
කන්කසන්තුරය ලඟාවීම – ප.ව. 06.53 අනුරාධපුරය ලඟාවීම – පෙ.ව. 10.17
