Spread the love

මාලන් විතාන

ශ්‍රී ලංකාවට උතුරු දෙසින්, ගැඹුරු මුහුදේදී අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් වූ මෙරට ධීවර යාත්‍රාවක් (01) සහ එහි සිටි ධීවරයින් තිදෙනෙකු (03) පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් සිදුකල දැනුම් දීමකට අනුව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රා යොදවා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නිරිපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාවකටයුතු කෙරිණි.

ධීවරයින් තිදෙනෙකු (03) රැගත් ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට උතුරු දෙසින්, මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදි, අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත්ව, ගොඩබිම සමඟ ඇති සන්නිවේදනය බිද වැටීම හේතුවෙන්,

ඒ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව  වෙතින්, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකල දැනුම් දීමකට අනුව, 2026 ජුනි මස 06 සහ 07 වන යන දෙදින නාවික හමුදා යාත්‍රා යොදවා එම මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමේදී අනලයිතිව් දූපතට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ දී ආපදාවට පත්ව තිබූ මෙම ධිවරයින් සහ ධීවර යාත්‍රාව 2026 ජුනි මස 07 වන දින නිරුපද්‍රිතව මුදවා ගනිමින් ගොඩබිම වෙත නාවික හමුදා යාත්‍රාවක් මඟින් ඇදගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.  

තවද, කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටියි.