Spread the love

නිමල් රාජපක්ෂ-


කුරුණෑගල, මැල්සිරිපුර ප්‍රදේශයේ පිහිටි උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ ඉදිකරනු ලැබූ අඩි 100ක් උස මෛත්‍රී බෝසත් ප්‍රතිමාව නිරාවරණය කිරීමේ මහා පුණ්‍යෝත්සවය අනිද්දා ( 29 ), පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදී සවස 5.00ට උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිතය.

උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ පූජ්‍ය සිරි සමන්තභද්‍ර නායක ස්වාමීන් වහන්සේගේ උපදෙස් හා අනුශාසනා පරිදි සංවිධානය කෙරෙන මෙම පුණ්‍යෝත්සවය, බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික අභිවෘද්ධිය හා සමාජීය සුබසාධනය අරමුණු කරගනිමින් පැවැත්වේ.