නිමල් රාජපක්ෂ-
උසස් අධ්‍යාපන ක්ෂේත්රයට කළ සේවය වෙනුවෙන් පසුගියදා තුන්වන චාල්ස් රජතුමා විසින් නයිට් පදවියෙන් පිදුම් ලැබූ එංගලන්තයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ (University of Leicester) සභාපති සහ උපකුලපති මහාචාර්ය ශ්‍රීමත් නිශාන් කනගරාජා මහතා, නොවැම්බර් 25 වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවිය.
මහාචාර්ය ශ්‍රීමත් නිශාන් කනගරාජා මහතාව නැවත ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, ඔහු ලැබූ මෙම ගෞරව නාමය පිළිබඳව සිය සුබපැතුම් එක් කළ අතර, උසස් අධ්‍යාපන ක්ෂේත්රයට ඔහු දැක්වූ දායකත්වය සහ ලබාගත් ජයග්‍රහණ ඇගයීමට ලක් කළාය.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පර්යේෂණ හා උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම අධ්‍යයන හවුල්කාරිත්වයන්, ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් සහ දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
එංගලන්තයේ අධ්‍යයන වැඩසටහන් සඳහා ඇතුළත්වීම සහ උසස් අධ්‍යාපන මාර්ග විවෘත කිරීම ඇතුළුව, ශ්‍රී ලංකාවේ සිසුන් සඳහා අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම උදෙසා අනාගතයේදී දෙරට අතර ඇති කර ගත හැකි සහයෝගීතා පිළිබඳව මහාචාර්ය ශ්‍රීමත් නිශාන් කනගරාජා මහතා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රය තවදුරටත් සංවර්ධනය කිරීමේ සහ එය ජාතික අධ්‍යාපන පද්ධතියට වඩාත් ශක්තිමත්ව ඒකාබද්ධ කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නාය.
වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ පවතින සාම්ප්‍රදායික ආකල්ප වෙනස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, වැඩිදුර අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය සඳහා වන වැදගත් මෙන්ම සමාන වටිනාකමක් ඇති මාවතක් ලෙස වෘත්තීය අධ්‍යාපනය පිළිගැනීමට ලක් කිරීම තහවුරු කළ යුතු බවද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.
වෙනස් වන ලෝකයේ අවශ්‍යතාවලට මුහුණ දීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා සහ නිපුණතාවලින් තරුණ පරපුර සන්නද්ධ කරමින්, අධ්‍යාපන පද්ධතිය තුළ සැලකිය යුතු පරිවර්තනයක් ඇති කිරීම මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ බව අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.
කෘත්‍රිම බුද්ධිය (AI), අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව සහ අනෙකුත් අන්තර්-ක්ෂේත්රීය අංශ ඇතුළුව ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතාවලට සහාය වන නැගී එන සහ ප්රමුඛ ක්ෂේත්රයන්හි පර්යේෂණ හවුල්කාරිත්වයන් සහ අධ්‍යයන සහයෝගීතාවන් ඇති කර ගැනීමට ඇති අවස්ථා පිලිබඳ අග්‍රාමාත්‍යතුමිය සිය ප්‍රසාදය පළ කළ අතර ශ්‍රී ලංකාව තුළම ගුණාත්මක උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අවස්ථා පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. එමගින් සිසුන්ට නව අවස්ථා සොයාගැනීමට විදේශගත වීමට ඇති අවශ්‍යතාව අවම කළ හැකි බවද පෙන්වා දුන්නාය.
එවැනි හවුල්කාරිත්වයන් හරහා අධ්‍යයන වැඩසටහන්, පර්යේෂණ මුලපිරීම් සහ ජාත්‍යන්තර අත්දැකීම්වලින් ශ්‍රී ලාංකික සිසුන්ට ප්රතිලාභ ලබා ගැනීමට ඇති අවස්ථා ඉදිරියට ගෙන යාමට සහ තවදුරටත් සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයම සිය එකඟතාව පළ කළහ.
මෙම අවස්ථාවට ශ්‍රීමත් නිශාන් මහතාගේ බිරිඳ වන තබිතාල් කනගරාජා, එංගලන්තයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අ
