නිමල් රාජපක්ෂ.
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ (DDG 62) නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද 03) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි Destroyer වර්ගයට අයත් ‘USS FITZGERALD’ (DDG 62) නෞකාව, දිගින් මීටර් 154 ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Paul Richardson කටයුතු කරනු ලබයි.
තවද, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘USS FITZGERALD’ නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
