ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) මියගොස් ඇති බව ඉරාන රජයට හිතවාදී ප්‍රධාන පුවත් සේවා වන ‘තස්නිම්’ (Tasnim) සහ ‘ෆාර්ස්’ (Fars) යන ආයතන නිල වශයෙන් තහවුරු කර ඇත.
ඉරානයේ ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සිය සඳහන් කරන්නේ, සෙනසුරාදා අලුයම දෛනික රාජකාරි ඉටු කරමින් සිටියදී කමේනි ඔහුගේ කාර්යාලයේදී ඝාතනයට ලක් වූ බවයි.
මීට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) විසින් උත්තරීතර නායකයා ඇතුළු ඉරාන ඉහළ පෙළේ නායකයින් පිරිසක් එල්ල වූ ප්‍රහාරවලින් ඝාතනය වූ බව ප්‍රකාශ කර තිබිණ.
ඉරාන බලධාරීන් මුලදී එම පුවත් ප්‍රතික්ෂේප කළද, දැන් එරට නිල පුවත් සේවා විසින්ම උත්තරීතර නායකයාගේ අභාවය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
