තත්තල්දා අලුත්ගම – මතුගම මාර්ගයේ 5 කණුව ප්රදේශයේ දී ඊයේ (25) සවස කැබි රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් වයස අවුරුදු 3ක දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් එම දැරිය, තුවාල ලැබූ ඇගේ පියා හා මව දර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දැරිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එමෙන්ම තුවාල ලැබූ ඇගේ පියා හා මව වැඩිදුර ප්රතිකාර සඳහා මේ වනවිට නාගොඩ රෝහල වෙත මාරුකර යවා ඇත.
අනතුරින් පසු කැබ් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
