කිරිබත්ගොඩ නගරයේ සපත්තු අලෙවි සලක ඇති වූ ගින්නක් හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය පවසනවා.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියැදුරන්ට උපදෙස් ලබාදෙන බවයි පොලිසිය පවසන්නේ.
ගින්න නිවීම සඳහා කොළඹ සහ ගම්පහ මහ නගර සභාවල ගිනි නිවීමේ රථ 5 ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
