Spread the love

රාගම ප්‍රදේශයේ කල සෛා්දිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 271 ග්‍රෑම් 835ක් සමග සැකකරුවෙකු ඊයේ (14)රාත්‍රියේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇතතේ වයස අවුරුදු 34ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය පිළිබද බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩි දුර විමර්ශන පවත්වයි.