Spread the love

දේවින්ද පිණිදිය

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ජල ගැලිම්වලට ලක්වන ප්‍රදේශ ජල ගැලීම්වලින් ආරක්ෂා කිරිම සදහා, සිවු අවුරුදු විශේෂ ව්‍යාපෘතියක්, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරිමේ සංස්ථාව මගින් ආරම්භ කර ඇත.

මේ යටතේ සැලසුම් කර ඇති කොලොන්නාව – වැසි ජල අපවහන සහ පරිසරය වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතිය මනා ආයතනික සම්බන්ධිකරණයක් සහිතව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සහ මහජන දැනුවත්භාවය සදහා සංවිධානය කරන ලද ගංවතුර පාලන සැලැස්ම පිළිබද විශේෂ සාකච්ජාවක් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය – ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථා ශ්‍රවණාගරයේදී අද ( 26 ) දින පැවැත්වුණි