නිමල් රාජපක්ෂ
ආර්ථික බිඳවැටීමකින් පසු වේගවත්ව සංවර්ධන මාවතට පිවිසෙන රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකය තුළ අවදානයට ලක්ව තිබෙන බවත් ජනාධිපතිවරයාගේ නිදහස් දින කතාව තුළ සියලු පාර්ශ්ව එක්කර ගනිමින් රට ගොඩනැගීමේ වත්මන් රජයේ උත්සාහය පිළිබිඹු වන බවත්, ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ජයග්‍රහණ පිළිබඳ සතුටුවන බවත් ශ්‍රී ලංකාවේ කොලොම්බියානු තානාපති වික්ටර් හියුගෝ ජරමිල්ලෝ මහතා පවසයි
කොලොම්බියාවේ පැවැත්වෙන කෘෂි ප්‍රතිසංස්කරණ හා ග්‍රාම සංවර්ධනය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහා ආචාර්ය පන්නිලගේ අමාත්‍යවරයා වෙත තානාපතිවරයා විසින් ආරාධනයක් ලබාදුන් අවස්ථාවේදී මේ බව පැවසුවේය
දෙරට අතර ආයෝජන, වෙළෙඳ හා සංචාරක අවස්ථා පිළිබඳ අවධානය යොමුවූ අතර හා ග්‍රාමීය ආර්ථික ක්ෂේත්රයේ පොදු අත්දැකීම් හුවමාරුකරගැනීම මෙහිදී සිදුවිය.
