නිමල් රාජපක්ෂ –
මෙවර කොළඹ නත්තල් සැමරුම මෙතෙක් කිසිදා අත්නොවිඳි අත්දැකීම් රැසක් සමඟින් ඉතා උත්සවාකරයෙන් සංවිධානය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටියි. සතුට, ආදරය බෙදා හදා ගත් ආකර්ෂණීය සන්ධ්යාවක් මෙන්ම ත්රාසජනක සර්කස් සංදර්ශන, ඉමිහිරි සංගීතය සමඟින් අසිරිමත් නත්තල් සමරුමක් අත්විඳීමට මේ තුලින් සුවහසක් ශ්රී ලාංකිකයින්ට හැකියාව උදා වනු ඇත. ශ්රී ලාංකේය නත්තල් සැමරුම්වලට ජාත්යන්තර මට්ටමේ අත්දැකීමක් එක් කරමින් Once Upon a Christmas – The Greatest Xmas Show ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී උත්සවය Ceilao Enterprises විසින් ශ්රී ලංකාවට හඳුන්වා දෙනු ලබයි.
ඒ තුලින් මෙරට සජීවී විනෝදාස්වාද ක්ෂේත්රයේ නවතම පෙරළියක් සිදු කිරීම වෙනුවෙන් සමත් ඔස්ටේ්රලියානු නත්තල් නිර්මාණයක් කොළඹට රැගෙන ඒමට Ceilao Enterprises කටයුතු කරනු ඇත. එම සමාගම 2026 වසරේ මුල් භාගයේදී ලොව සුප්රකට විකට නළු Russell Peters ශ්රී ලංකාවට කැඳවාගෙන ඒමටද Ceilao Enterprises කටයුතු කර තිබිණ.
Kooka Productions සහ ICrave Entertainment යන ආයතනවල සාර්ථක නිර්මාණාත්මක එකතුවක් වන මේ මේ හරහා ජාත්යන්තර ප්රසිද්ධියට පත් සර්කස් ශිල්පීන් පිරිසක්, ඔස්ටේ්රලියානු නිෂ්පාදන කණ්ඩායමක් සමඟින් කොළඹට පැමිණෙනු ඇත.
සෑම වයස් කාණ්ඩයකම ශ්රී ලාංකේය ප්රේක්ෂකයන් වෙත ආකර්ෂණීය අත්දැකීමක් ලබා දීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සුවිශේෂී නත්තල් උත්සවය තුලින් විදේශගත නොවී ලෝක මට්ටමේ සර්කස් අත්දැකීමක් මව්බිමේදීම දැකබලා ගැනීමට ශ්රී ලාංකික ප්රේක්ෂකයන්ට අවස්ථාව උදා වේ.
Once Upon a Christmas යනු හුදෙක් එක් නත්තල් උත්සවයකට පමණක් සීමා වූ විනෝදාස්වාද සංදර්ශනයක් නොවේ. එමගින් විවිධ අනන්යතා සහිත ජාත්යන්තර නිර්මාණයන් ශ්රී ලංකාවට හඳුන්වා දීමටත්, මෙවැනි ආකර්ෂණීය අත්දැකීම් දේශීය ප්රේක්ෂකයන්ට ඉතා පහසුවෙන් විඳ ගැනීමට සැලසීමටත් Ceilao Enterprises කටයුතු කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Ceilao Enterprises හි සභාපති ආචාර්ය මංජුල කුලතුංග මහතා සඳහන් කර සිටියේ “ඔස්ටේ්රලියාවේ සර්කස් හා සංගීතමය නිර්මාණයක් වන Once Upon a Christmas – The Greatest Xmas Show ප්රසංගය ප්රථම වතාවට ශ්රී ලංකාවට ගෙන ඒමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මේ හරහා ජාත්යන්තර තත්වයේ විනෝදාස්වාද කලා නිර්මාණයක් ශ්රී ලාංකේය ජනතාවට ගෙන දීමට අපට හැකි වී තිබෙනවා. ලෝකයේ බොහෝ දෙනා රස විඳින මෙම සුවිශේෂී අත්දැකීම තමන්ගේ මව්බිමේ සිටම විඳ ගැනීමේ අවස්ථාව ශ්රී ලාංකිකයින්ට හිමි වනවා. මෙම අසමසම සර්කස් සංදර්ශනය හා සංගීමය අත්දැකීම City of Dreams පරිශ්රයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වන ටිකට්පත් නොවැම්බර් 1 වැනි දින සිට මිලදී ගැනීමේ අවස්ථාවද උදා කර දී තිබෙනවා. කිසිඳු වයස් භේදයකින් තොරව සියලු දෙනාට මෙතෙක් අත් නොවිඳි අත්දැකීමක් මේ තුලින් ලබා දෙනු ඇති බව මට විශ්වාසයයි.” යනුවෙනි.
කලාත්මක ප්රසංගවලින් ඔබ්බට යමින් Once Upon a Christmas සජීවී විනෝදාස්වාදය සහ City of Dreams හි පවතින ඉහළම මට්ටමේ ආහාර පාන රසය කැඳවාගෙන ඒමට සමත් වනු ඇත. එමගින් මෙරට පවුල්වලට, මිතුරන්ට මෙන්ම විදේශිකයන්ට සහ ජාත්යන්තර සංචාරකයන්ට අමතක නොවන උත්සව රාත්රියක් ගත කිරීමට ද අවස්ථාව උදා වේ.
වඩාත් සුඛෝපභෝගී සන්ධ්යාවක් ගත කිරීමට අපේක්ෂා කරන අමුත්තන් සඳහා මෙහි විශේෂ දීමනාවක්ද ඇතුළත් වේ. රුපියල් 20,000කට වඩා වැඩි වටිනාකමකින් යුත් ප්රවේශපත්ර මිලදී ගන්නා අමුත්තන්ට City of Dreams පරිශ්රයේ ඇති සුවිශේෂී ආහාර පාන රසවිඳීම සඳහා රුපියල් 5,000ක ආහාර පාන වවුචරයක් නොමිලේ පිරිනැමීමද මෙහි ඇති විශේෂත්වයකි.
මෙම සුවිශේෂී උත්සවය දැක බලා ගනිමින් රස විඳීමට පමණක් නොව විවිධ ආයතනයන්ට වසර අවසාන උත්සව සහ සේවක ඇගයීම් අවස්ථාවක් ලෙසද Once Upon a Christmas භාවිත කළ හැකිය. එහිදී අවම වශයෙන් ප්රවේශ පත්ර 20ක් හෝ ඊට වැඩියෙන් වෙන් කර ගන්නා ආයතනයන්ට විශේෂිත ඉඩකඩක් වෙන් වන අතරම, කලින් ඇනවුම් කළ හැකි ආහාර පාන පහසුකම් සහ විශේෂී සත්කාරක සේවාවන්ද හිමි වේ.
මෙම සුවිශේෂී උත්සවයේ නිල සත්කාරක සහකරු ලෙස සිටි City of Dreams කටයුතු කරයි. එමගින්, කොළඹ නගරයේ ප්රමුඛතම ජීවන රටා ගමනාන්තයක් තුළ උසස් තත්වයේ ආගන්තුක සත්කාරය සහ ජාත්යන්තර විනෝදාස්වාදය එකට මුසු කිරීමට අවස්ථාව සැලසී ඇත.
මෙම සුවිශේෂී උත්සවය පිළිබඳව අදහස් දැක්වූ Colombo Hotels, Cinnamon Hotels & Resorts හි ජ්යෙෂ්ඨ උප සභාපති සහ Cinnamon Life at City of Dreams හි සාමාන්යාධිකාරී කමල් මුණසිංහ මහතා “නත්තල කියන්නේ මිනිසුන් එකිනෙකා එකතු කරන කාල සමයක් ලෙස පෙන්වා දිය හැකියි. Once Upon a Christmas – The Greatest Xmas Show ප්රසංගය ජාත්යන්තර විනෝදාස්වාදය සහ උසස් ආගන්තුක සත්කාරය එකට අත්විඳිමින් මෙම නත්තල් උත්සව සමය සැමරීමට ලැබෙන කදිම අවස්ථාවක් වනවා. City of Dreams මෙම දැවැන්ත උත්සවයේ ආගන්තුක සත්කාරක සහකරු ලෙස පත්වීමට ලැබීම පිළිබඳව බෙහෙවින් සතුටු වනවා. එමගින් පවුල්වලට, මිතුරන්ට සහ පැමිණෙන සංචාරකයන්ට එකට එකතු වී සැබවින්ම සුවිශේෂී අත්දැකීමක් භුක්ති විඳිය හැකි පරිපූර්ණ වටපිටාවක් නිර්මාණය වෙනවා. ඒ නිසාම උදා වන උත්සව සමය අප සමඟ සමරන ලෙසත්, කොළඹ නගරයේ වේගයෙන් දියුණු වන විනෝදාස්වාද ක්ෂේත්රයේ නවතම අත්දැකීම විඳගන්නා ලෙසත් සියලු දෙනාට මේ මොහොතේ ආරාධනා කර සිටිනවා” යනුවෙන් පැවසීය.
ලෝ ප්රකට සර්කස් ශිල්පීන්ගේ දක්ෂතා, සජීවී දැවැන්ත සංදර්ශන සහ උසස් තත්වයේ ආගන්තුක සත්කාරයේ එකතුවත් වන Upon a Christmas ප්රසංගය, කොළඹ නගරය සුවිශේෂී විනෝදාස්වාද ගමනාන්තයක් ලෙස ජාත්යන්තරය වෙත ගෙන යාමේ පුළුල් අරමුණ මැනවින් පිළිඹිබු කරයි. මෙම උත්සවය ශ්රී ලංකාවේ ආගන්තුක සත්කාරක, සංචාරක සහ උත්සව සංවිධාන ක්ෂේත්රයන්ට නවමු අවස්ථාවක් උදා කරන අතරම, මෙරට සිටින විදේශිකයන්ට සහ පැමිණෙන සංචාරකයන්ට නත්තල් සමය කොළඹදී උත්කර්ෂවත් ලෙස සැමරීමට කදිම අවස්ථාවක්ද සලසා දෙයි.
මෙම සුවිශේෂී ප්රසංගය පිළිබඳ නිල මාධ්ය සාකච්ඡාව පසුගියදා කොළඹ City of Dreams පරිශ්රයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී සංවිධායක මඩුල්ල විසින් මෙම ඓතිහාසික නත්තල් අත්දැකීම පිළිබඳ අදහස් හා තොරතුරු නිල වශයෙන් ප්රකාශයට පත් කරන ලදී.
