Spread the love

නිමල් රාජපක්ෂ –

නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද රුපියල් කෝටි 33ක් වටිනා විදේශීය සිගරැට් තොගයක් සමග සැකකරුවන් පස්දෙනෙකු ඊයේ (17) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (17) සුරාබදු නිලධාරීන් ව්‍යාජ ගැණුම කරුවන් ලෙස ගොස් සිගරැට්කාටුන් 200 බැගින් අඩංගු කාටුන් 500 ක් එනම් සිගරැට් ලක්ෂණයක් මිලදි ගැනීමෙන් අනතුරුව එහිදී සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් අනතුරුව ඹවුන්ගෙන් ප්‍රශ්න කිීරීමේදී නිවසක සගවා තිබු තවත් සිගරැට් දහනම ලක්ෂ විසි දහසක් සමගින් තවත් සැකරකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවද කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පැවසුවේය.

මෑත කාලයේදී ගොඩබිම තුළදි සිදු කළ විශාලම ග්‍රහනය මෙය වන අතර මෙ විදේශීය සිගරුට් තොගය වෙළද පලට ගියේ නම් රජයට රුලියල් කෝටි 22 ට වැඩි බදු මුදලක් අහිමි වන බවද කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පැවසුවේය.
මෙම සිගරැට් වරායෙන් හෝ ගුවන් තොටුපල හරහාද මෙරටට ගෙන්න පුලුවන් බවත් එසේ් නොමැතිනම් මුහුදු මාර්ගයේන් බෝට්ටුවල ආධාරයෙන් මෙරටට ගෙන්වන බවටද තොරතුරු අනාවවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස දෙනා සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන් .ඒ පේමරත්න මහතා වෙත ඉදිරිපත් කොට දඩුවම පැමිණ වීමට නියමිතය.
අත්අඩංගුවට ගත් විදේශීය සිගරැට් තොගය විනාස කිරීමට නියමිත බවද නිරෝෂ් ජයකොඩි මහතා පැවසුවේය.
වීඩියෝව නරඹන්න

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම් .බි.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ සහ සුරාබදු අධිකාරී පී.එන්. හේමන්ත යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් , පරික්ෂක සංජය නිශාන්ත , සැරයන් මේජර් චන්දිම ලොකුපිටිය, කෝප්‍රල්වරුන්වන අතුල පෙරේරා, ජීවන්ත යන නිලධාරින් හා සුරාබදු නියාමකවරුන්වන චමින්ද .ටී නිෂ්ශන්ගන් , ෂානුක ප්‍රදීප් කුමාර හා රියදුරු පුබුදු කුමාර යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.