Spread the love

ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දුන් උතුරු – නැගෙනහිර ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

ඒ අනුව මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර දමන ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා ජනතාවට දැනුම් දෙන්නේ.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 45,448ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 19,487 ක්.

ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 22 ක් මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.