මාසයේදී කැඳවන ගල් අඟුරු ආනයන ටෙන්ඩරය ජුලි මාසය දක්වා ප්‍රමාද වෙනකොට විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කියලා මතක් වුණේ නෑ. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වල සමාගමක් සතු අවම ගල් අඟුරු ආරක්ෂණ සංචිත ප්‍රමාණය 90%කින් පහත දමනවිට විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බව මතක් වුණේ නෑ. සාමාන්‍ය ජනතාව සහ සුළු නිෂ්පාදකයන් ජාතික විදුලි බල සැපයුමට දායකවූ වහල මත සූර්‍ය පැනල අධෛර්යමත් කරන තීරණ ගන්නා විටත් ඒ අත්‍යවශ්‍ය බව මතක් වුණේ නෑ. ජනතාවට දරා ගන්න බැරි ලෙස දිගින් දිගටම විදුලි ගාස්තු අසීමාන්තිකව ඉහළ නංවන විටත් එය ජන ජීවිත පවත්වාගෙන යාමේදී අත්‍යවශ්‍ය සේවාවක් බව අමතක වෙනවා. මේ ආණ්ඩුව පෙනී සිටින්නේ කවුරු වෙනුවෙන්ද කියලා සිතා ගන්න මේ ටෙන්ඩර් හුටපටය පමණක් වුණත් ප්‍රමාණවත්.
