Spread the love

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය විසින් අස්වැසුම රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර ඇත.

අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා දත්ත පද්ධතියේ ඇති දෝෂ නිවැරදි කිරීමට රජය කටයුතු නොකිරීමට විරෝධය පල කරමින් මෙම පියවර ගන්නා බව එහි සභාපති නන්දන රණසිංහ පැවසීය.

පද්ධතියේ දෝෂ පැවතීම හේතුවෙන් බොරු ප්‍රකාශ කරන පුද්ගලයාට අස්වැසුම ප්‍රතිලාභියෙක් ලෙස ඇතුළත් විය හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

දෝෂ නිවැරදි කරන්නැයි පසුගිය රජයෙන්ද ඉල්ලුවත් එය සිදු නොවූ බවත් නව රජයද එය නිවැරදි කිරීමට කටයුතු නොකරන බවත් ඔහු පැවසුවේය.