Spread the love

ජනමාධ්‍යවේදීන් 05 දෙනකු ඇතුළුව 20 දෙනකුට පමණ මරු කැඳවූ ගාසා තීරයේ පිහිටි නසාර් රෝහලට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මූලික පරීක්ෂණයක් සිදුකරන බව එම රජය පවසනවා.

ගාසාවේ සිවිල් ආරක්ෂක ඒජන්සිය විසින් මියගිය අය පිළිබඳ කරන ලද අනාවරණයෙන් පසුව මෙම විමර්ශනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.