ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ලුනාව රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇත.
ඊයේ (01) සවස් කාලයේදී මෙම සිදුවීම ඇතිවී තිබෙන අතර තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා බරපතළ තුවාල සහිතව ලුනාව රෝහලට ඇතුලත් කර තිබුණි.
ගල්කිස්ස පොලීසිය සඳහන් කළේ, තුවාලකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු ලුනාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කෙරුණු බවත් ය.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය පිළිබද ගල්කිස්ස පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.
