Spread the love

පවතින තත්ත්වය තුළ, රට තුළ එකවර ගෑස් සඳහා ඉල්ලුම වැඩි වීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රට තුළ උපරිමයෙන් ගෑස් ගබඩා කළ හැක්කේ සතියක පමණ කාලයකට පමණක් බවයි අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

මාර්තු මස 12 වැනිදා වන විට අලුත් ගෑස් සිලින්ඩර 100,000 ක් රැගත් නැවක් මෙරටට පැමිණීමට නියමිත බවත්, එවිට කහ පාට ගෑස් ඇති අයට අවශ්‍ය නම් නිල් පාට ගෑස් සිලින්ඩරවලට මාරු විය හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර, ලාෆ් ගෑස් සමාගම සතු ගෑස් ගබඩා සංකීර්ණයෙන් මෙට්‍රික් ටොන් 15,000ක ගබඩා පහසුකම් ලබා දීමට එම සමාගම කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

ලාෆ් ගෑස් සමාගමට දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයිය හැක්කේ ඔවුන් අපනයනය කරන ප්‍රමාණයෙන් 20%ක් පමණක් බව ද, මේ වන විට ඔවුන්ගේ ආයනයන කඩා වැටීමට ලක්ව ඇති නිසා එම ප්‍රමාණය සැපයීමට නොහැකි වී ඇති බව ද ජනාධිපතිවරයා පවසා සිටියා.

එම හේතුවෙන් හදිසි නීතිය පැනවීම හරහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා මඟින් එම සමාගමට බදු ගෙවා දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.