Spread the love


නිමල් රාජපක්ෂ-

ගුරු සේවය අන් රැකියා සමග සසදමින් රැකියාවක් සේ සළකා කටයුතු කිරීම.නොකළ යුතු බවත් ගුරු සේවය රටක හෙට දවස තීරණය කරන්නා වූ සුවිශේෂී සේවයක් බවත්
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.
ආණ්ඩුකාර වරයා මේ බව ප්‍රකාශ කලේ මධ්‍යම පළාත් ගුරු සේවයට උපාධිධාරී ගුරුවරුන් 176 ක් සදහා පත්වීම් ලිපි ප්‍රධානය කළ අවස්ථාවේදීයි.
මෙහිදි අදහස් දැක්වු ලලිත් යු ගමගේ මහතා,

අ.පො.ස උසස් පෙල විශය ධාරාව සදහා සුදුසුකම්ලත් උපාධිධාරීන්ගෙන් අයදුම්පත්‍ර කැදවා ලිඛිත තරග විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම ගුරුවරුන් තෝරාගැනීම සිදුකළා. ගුරු සේවය අන් රැකියා සමග සසදමින් රැකියාවක් සේ සළකා කටයුතු කිරීම.නොකළ යුතු බවත් ගුරු සේවය රටක හෙට දවස තීරණය කරන්නා වූ සුවිශේෂී සේවයක් . පාසලේ තම පන්තියේ දරුවන්ට මුදල් ලබාගෙන අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමට තමා කටයුතු කළ බවත් ඒ ඔස්සේ පාසල් අධ්‍යාපනය වඩා ගුණාත්මක කිරීමට හැකියාව සැලසෙන බවත් මුදල් ලබානොගනිමින් දරුවන්ගේ දැනුම පෝෂණය කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් වැඩි දුරටත් පැවසුවේය.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම්.මංජුලා මඩහපොල , පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මේනක හේරත් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් වුහ.