සෙවණගල ගොවීන් මේ වන විට මුහුණපා ඇති ගැටලු හේතුවෙන් ඇති වී ඇති දුක්ඛිත භාවය කීම සඳහා සෙවණගල උක් ගොවි මහතකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වීමට අමුඩ ගසා ගෙන පැමිණියේය.
සෙවණගල මහා විද්‍යාල තුමියේ පිහිටි ශ්‍රවණාගාරයේදී (12) සවස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමට සෙවණගල නවෝදාගම ජී.ඒ. සෝමපාල නොහොත් කිරීමාමා නමැති ගොවි මහතකු තමාගේ උක් අස්වැන්න කපා ගැනීමේ ගැටලුව පිළිබඳ පැවැසීමට අමුඩය ගසා ගෙන මෙසේ පැමිණ ඇත.
මෙහිදී රැස්වීමට සහභාගි වූ ගොව් – ගෙවිලියන් සෙවණගල සීනි සමාගම විසින් සිදු කර ගෙන යනු ලබන ක්‍රියා කලාපය නිසා තමන් පත්ව ඇති පීඩාකාරී දුක්ඛිත තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක තුමා ඇතුළු පිරිසට කරුණ කියා සංදේශයක්ද ඉදිරිපත් කළ අතර සමාගමේ සේවක ගැටලු පිළිබඳව සේවකයන් විසින් වෙනම් සංදේශයක් භාර දෙන ලදී.
