Spread the love

දේවින්ද පිණිදිය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුව (The World Health Organization (WHO)’s Second Global Summit on Traditional Medicine) අද (17) ආරම්භ විය.

එම සමුළුව අද එනම් දෙසැම්බර් 17 දින සිට 19 දින දක්වා ඉන්දියාවේ නවදිල්ලියේ (New Delhi) Bharat Mandapam හිදී පැවැත්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉන්දීය රජයේ ආයුෂ් අමාත්‍යාංශය (Ministry of Ayush) සමඟ ඒකාබද්ධව සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සඳහා සාක්ෂි, ඒකාබද්ධ කිරීම සහ නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම සමුළුවට රටවල් 100 කට වැඩි ගණනක රජයේ අමාත්‍යවරුන්, විද්‍යාඥයින්, ස්වදේශික නායකයින් සහ වෘත්තිකයන් එක් වේ.

මෙම සමුළුවට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) රත්‍රීයේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන සහ ආයුර්වේද වෛද්‍ය ආචාර්ය සුරංගි සංජීවනී පෙරේරා යන යන මහත්ම මහත්මීන් මේ වන විට සමුළුවට සහභාගීව ඇත.