Spread the love

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක කොටස් හිමිකාරත්වය ඇති ජපානයේ ‘ඔනොමිචි ඩොක්‍යාඩ්’ සමාගම ඉවත්ව යාමට තීරණය කර ඇති බව වාර්තා කරයි.ඇතිව තිබෙන ආර්ථික අර්බුදය මත මෙම පියවර ගන්නා බව එම සමාගම විසින් කොළඹ ඩොක්යාඩ් සමාගම වෙත දන්වා ඇත.එමෙන්ම මේ පිලිබදව සිය ප‍්‍රධාන කොටස් හිමියන්ටද දැනුම් දී තිබේ.මෙම තත්වය මත නව උපායමාර්ගික හවුල්කරුවෙකු සඳහා මූලික සාකච්ඡා කරමින් සිටින බව කොළඹ ඩොක්යාඩ් අධ්‍යක්‍ෂ මණ්ඩලය කොටස් හිමියන්ට දන්වා ඇත.