නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර සංරක්ෂණය උදෙසා වගකිවයුතු ප්‍රමුඛතම හා එකම රාජ්‍ය ආයතනය වන්නේ ජාතික ජල සම්පත් මණ්ඩලයයි. වත්මන් රජයේ විද්‍යාත්මක ආයතනික ප්‍රතිසංවිධානය යටතේ, “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන පරිසර ප්‍රතිපත්තියට සමගාමීව ජාතික ජල සම්පත් මණ්ඩලය පරිසර අමාත්‍යාංශය හා ඒකාබද්ධ කරනු ලැබුවේ මෙරට ජල කළමනාකරණය නව මානයකට ඔසවා තැබීමේ අරමුණෙනි.
ඒ අනුව දිවයිනේ මතුපිට මෙන්ම භූගත ජල සම්පතේ තිරසාර පැවැත්ම හා සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් “තිරසර දියවර” ජාතික වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇත.
මෙම ජාතික මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා ජාතික ජල සම්පත් මණ්ඩලය සතු කාර්යභාරය අතිශය තීරණාත්මක වන අතර, වසර ගණනාවක් මුළුල්ලේ ආයතනය තුළ පැවති මානව හා භෞතික සම්පත් ඌනතාව මීට ප්‍රධාන බාධාවක්ව පැවතිණි. එම අභියෝගය ජය ගනිමින් ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම උදෙසා, දීර්ඝ කාලයක් තිස්සේ පැවති පුරප්පාඩු සම්පූර්ණ කරමින් නව පත්වීම් ලබා දීමට රජය පියවර ගෙන තිබේ.
මානව සම්පතින් පූර්ණ, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වූ ජාතික ජල සම්පත් මණ්ඩලය පෙරමුණු කරගනිමින්, සමස්ත රටේම ජල සුරක්ෂිතතාව සහතික කිරීමේ නව පරිච්ඡේදයක් “තිරසර දියවර” ඔස්සේ සනිටුහන් වේ.
