Spread the love

පවතින නීති ප්‍රමාණවත් නොවන්නේනම් නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කර ජාතික සමගිය නිර්මාණය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා විනය කර්මයේ සමාරම්භක මහෝත්සවයට එක්වෙමින්.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා විනය කර්මයේ සමාරම්භක මහෝත්සවය ගල්නෑව – මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

එම පුණ්‍යෝත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක්වූ අතර භික්ෂූන් වහන්සේ 400 නමක් උපසම්පදා කිරීම මේ යටතේ සිදු කෙරේ.

සෑම උපසම්පදා විනය කර්මයකදීම පළකරනු ලබන පටිපදා ශාස්ත්‍රීය සංග්‍රහය ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබුහ..