Spread the love

නිමල් රාජපක්ෂ

බැංකොක් නුවර සිට FD 140 ගුවන් යානයෙන් මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයකු ජායාරූප ශිල්පියාගේ ගමන් මල්ලේ ඉතා සුක්ෂම ලෙස සගවා තිබු රුපියල් මිලියන 25,050,000/-ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් සොයාගෙන ඇත.


අදලා ශ්‍රි ලංකිකයා ගුවන් යානයෙන් පැමිණ ගුවන්තොටුපල හරිත මාර්ගය හරහා පිටවීමට තැත් කරන විට රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළදාරීන්ට ඇතිවූ සැකයක් මත පරීක්ෂා කිරීමේදි, ඔහුගේ ගමන් මල්ලක් තුළ ඉතා සූක්ෂමව අසුරා තිබූ කුෂ් ග්‍රෑම්ස් 2505 සොයා ගැනීමට සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 33 හැවිිදි පුද්ගලයකු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
අදාල සැකකරු වියළි ඉගුරු හා පළතුරු පැකට් තුළ ඒවා ඉවත් කොට ඉතා සුක්ෂම ලෙස එම පැකට් වලට මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබුණි.
සැකකරු ජයාරූප ශිල්පියෙකු වන අතර, වැඩිදුර විමර්ශන සදහා භාණ්ඩ සමග ඔහුව ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලයට බාර දීමට නියමිතව ඇත.