Spread the love

ගලබොඩඅත්තේ ඥා​ණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇත.

ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවත්වා‌ගෙන ගොස් තිබිණ..