Spread the love

කොට්ටාව රුක්මල්ගම පාරේ විහාර මාවතේ නිවසක නිවැසියන් වෙසක් නරඹන්න ගිය අවස්ථාවේ තනිව සිටි තරුණියක් සිරුරට ගිනි ඇවිලී සැක කටයුතු ලෙස මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ පුදම්මිනි ටුරන්ජා නම් 19 හැවිරිදි  අවිවාහක තරුණියකි.

පොලීසිය පැවසුවේ ඇයගේ සිරුර මුළුමණින්ම පිලිස්සි නිවසේ දේපළවලට සහ වහලයට ද අලාභානි සිදුවී ඇති බවය.

කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පැමිණ ගින්න නිවා දමා දැමීමට පියවර ගෙන ඇති බවත් ඒ වන විටත් තරුණිය ජීවිතක්ෂයට පත්ව ඇත.

ගින්නට හේතුවෙ මෙතෙක් අනාවරණය වී නොමැති අතර නුගේගොඩ අපරාධ ස්ථානයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.