නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2025’ සමාරම්භය පෙරේදා ( 22) වැනි දින ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේදී සිදු කෙරිණ.
එම අභ්‍යාසයේ මුහුදු අධියර ඊයේ 23 වැනි දින නැගෙනහිර නාවික වීධාන මුහුදු තීරයේදී නාවික හමුදාවේ නෞකා බල ඇණිය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, විශේෂ යාත්‍රා බලඝනය, මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් ආරම්භ විය.
ඒ අනුව,ඊයේ ( 23) නෞකා හැසිරවීම ඇතුළු විවිධ නාවික අභ්‍යාස (MISCEX), මුහුද මතුපිට ඉලක්කයන් වෙත වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාස (SUFTX), නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීමේ අභ්‍යාසය (SCREENEX), අවි හැසිරවීමේ අභ්‍යාස (GUNNEX) සහ මුහුදේදී ගුවනින් භාණ්ඩ හුවමාරුව (VERTREP) පිළිබඳ අභ්‍යාස සාර්ථකව සිදුකෙරිණි.
අද ( 24) සෙවීම් හා මුදා ගැනීමේ අභ්‍යාස (SAREX), තුවාලකරුවන් ප්‍රථමාධාර සඳහා ඉවත් කිරීමේ අභ්‍යාස (CASEVAC) සහ නැංගුරම් ලෑමේ අභ්‍යාස සිදුකරනු ලැබුහ.
තවද, මෙම ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය යටතේ සිදුකෙරෙණ විවිධ නාවික අභ්‍යාස සඳහා නාවික හමුදා නෞකා බළඇණියට අනුයුක්ත කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයන් හටද දායක වීමට අවස්ථාව උදාවී ඇති අතර, ඔවුන්ගේ මෙහෙයුම් අත්දැකීම් වර්ධනය සඳහා එමඟින් විශාල දායකත්වයක් ගෙනදෙනු ඇත.
