Spread the love

නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් අද (10) පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.
 
බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකිය.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු, අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් ද කරයි.