බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 30-40 පමණ විය හැකියි.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකියි.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
