නාගොඩ- සුමන .
දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හෙට (03) පෙරවරු 09.30 සිය ධූරයෙ වැඩ භාර ගැනීමට නියමිතයි.
ගාල්ල පහළ ඩික්සන් පාරේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ශ්රවනාගාරයේදී වැඩ භාර ගැනීම සිදුවෙයි.
මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මේවනවිට කටයුතු කරන ආචාර්ය විලී ගමගේ මහතා අද (02) සිට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි.
ඒ පිළිබඳව පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය ලිපියක් මගින් දැනුවත් කර තිබේ.
