Spread the love

2025.10.07 වන අද දින අළුයම් කාලයේ හුංගම පොලිස් වසමේ වාඩිගල, රන්න ප්‍රදේශයේ නිවසක් තුල පුද්ගලයෙකු හා කාන්තාවක් කපා කොටා ඝාතනය කර ඇති බවට හුංගම පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු සහ මරණකාරිය වයස අවුරුදු 28 ක් වූ රන්න ප්‍රදේශයේ සහ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මරණකරු තම මිතුරෙකුගේ නිවසේ සිය අනියම් බිරිඳ සමඟ රැඳී සිටියදී මුහුණු ආවරණය කරගත් පස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් නිවසට ඇතුළු වී තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇත.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීර මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇත.

හුංගම පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.